ශූරයන්ගේ කුසලානයේ හිමිකරුවන් තොරන්නේ ලංකාවයි
ශූරයන්ගේ කුසලාන
තරගාවලියේ අවසන් පූර් ව වටයට බී ඛාණ්ඩයෙන් සුදුසුකම් ලබන්නේ කුමන රටවල්දැයි ශ්‍රී
ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙන තරගයෙන් පසුව තීරණය වනු ඇති. මේ වන විට
ඛාණ්ඩයේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ ඉන්දියාවයි. දෙවන තැන දකුණු අප්‍රිකාව සහ තුන්වන
තැන පාකිස්ථානය හිමිකරගෙන සිටිනවා. එහි ලංකාවට හිමිව ඇත්තේ අවසන් තැනයි. ඉන්දියාව
සමග අද පැවැත්වෙන තරගයේ ජය ලංකාව දිනා ගතහොත් මීලගට පැවැත්වෙන පාක්ථාන තරගයෙන්
ජයගෙන ලංකාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත හැකිවනවා. එහෙත් අද පැවැත්වෙන
තරගයේදී පරාජය වුවහොත් බී ඛාණ්ඩයෙන් අවසන් පූර් ව වටයට සුදුස්සන් වන්නේ ඉන්දියාව
සමගින් දකුණු අප්‍රිකාව හෝ පාකිස්ථානයයි. ඒ ඛාණ්ඩයෙන් සුදුස්සන් වන්නේ එංගලන්තය සහ
ඔස්ට්‍රේලියාවයි. මේ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම මෙන්ම
තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට විශාල බලපෑමක් එල්ලකරන තරගයකුයි අද
පැවැත්වෙන්නේ.
මේ අතර ශ්‍රී ලංකාවට මෙම
තීරණාත්මක තරගයට මුහුණදෙන්නේ ආබාධයන්ට ලක්ව සිටින ක්‍රීඩකයින් කිහිපදෙනෙකුද සමගයි.
නායක මැතිව්ස්ට ආබාධයක් හේතුවෙන් පන්දු යැවීමෙන් වැලකී සිටීමට සිදුවනු ඇති. මේ අතර
මැදපෙළ ශක්තිමත්කිරීම සදහා සිටි චාමර කපුගෙදරට තරගාවලියෙන්ම ඉවත්වීමට සිදුව
තිබෙනවා. ඔහු වෙනුවට ඇතුලත් වන්නේ අත්දැකීම් රහිත ධනුෂ්ක ගුණතිලකයි. මේ අනුව මෙම
තරගයේ වැඩි වාසි හිමිව ඇත්තේ ඉන්දියාවටයි. ඉන්දියානු ප්‍රිමිය ලීග් තරගාවලියේදී
ලබාගත් අත්දැකීම් සමග ලංකාවට හොද තරගයක් ලබාදීමට ඔවුන් බලාසිටිනවා. මෙම තරගයේදී
ලංකාවට වාසියක් ලබා ගැනීමට නම් ලසිත් මාලිංගට වැඩි කඩුලු සංඛයාවක් හිමිවිය යුතුයි.
ඔහුට ඉන්දීය පිතිකරුවන් දක්වන බය තරගයේ ජය සදහා උපයෝගී කර ගැනීමට ලංකාවට
යොදාගැනීමට නියත ලෙසම සිදුවනු ඇති. ඒ අනුව
මෙම තරගය මාලිංග සහ ඉන්දියාව අතර තරගයක් වී ඇතිබවයි විචාරක මතය වී ඇත්තේ. තරගයේ ජය
කාට හිමිවනු ඇත්දැයි අප බලාසිටිමු !
No comments