• Breaking News

    මාලිංගට මුකවාඩම් - චන්දිමාල් එලියට

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වේග පන්දු යවන කි‍්‍රඩක ලසිත් මාලිංග හට වසරක තරග තහනමක් පනවා එය මාස 6 කට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. එම මාස හයෙහි පරිවාස කාලය තුළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ඇති ගිවිසුම කඩවන අයුරින් කටයුතු කළහොත් මාලිංගට තරග තහනමක් පනවනු ඇති. එමෙන්ම ඔහු මීළගට සහභාගි වන එක්දින තරගයේ ගාස්තුවෙන් සියයට 50 ක මුදලක් දඩ වශයෙන් නියම කර තිබෙනවා. ඔහුට එරෙහිව මෙලෙස දඩුවම් නියම කර ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍යයට අදහස් දැක්වීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට පත්කළ ති‍්‍රපුද්ගල කමිටුව හමුවේ ලසිත් මාලිංග වරද පිළිගත් බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ. මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ මාලිංග සිම්බාබ්වේ තරගාවලියට නම් කළ ශී‍්‍ර ලංකා සංචිතයේද සිටින බවයි.
    මේ අතර සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරග දෙක සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ ළහිරු මධුසංඛ එම සංචිතයට ඇතුලත් වනවා. ශූරයන්ගේ කුසලාන තරගාවලිය පුරා අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල්ට මෙම සංචිතයේ ස්ථානයක් හිමි නොවීම කැපී පෙනෙනවා. දෙරට අතර තරගාවලිය ලබන 30 වැනිදා ගාල්ලේදී ආරම්භ වනවා.

    No comments