ශූරයන්ගේ කුසලාන තරගාවලියේ
ඉන්දියාව සමග පැවැත්වූ තරගයේදී ආබාධයකට ලක්වූ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත්
පෙරේරාව යලි දිවයිනට කැදවීමට සූදානම් වනවා. වෛද්‍යවරුන්ගේ නිර් දේශ මත එහි අවසන්
තීරණය ගනු ඇතැයි ක්‍රිකට් ආයතන උසස් නිලධාරියකු කියා සිටියා. පවතින තත්වය මත
කුසල්ට ඉදිරි තරග ක්‍රීඩා කිරීමට නොහැකිවනු ඇති. මේ අනුව කණ්ඩායමට කැදවීමට නියමිතව
ඇත්තේ ධනංජය ද සිල්වාවයි. ධනංජයට තරගාවලියට එක්වීමට සූදානමින් සිටින ලෙසත් ක්‍රිකට්
ආයතනය දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ධනංජයට තරගාවලිට එක්වීමට හැකිවනු ඇත්තේ කුසල්ට
විවේක ගන්නා ලෙස වෛද්‍යවරු නිර් දේශ කලහොත් පමණි. කෙසේ වෙතත් මේ වන තුරු ඒ පිලිබද
අවසන් තීරණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන නැහැ.
ශ්‍රී ලංකාවට මීලගට තරග
වදින්නට තිබෙන්නේ පාකිස්ථානය සමගයි. එම තරගයේ ජය ලංකාව සතුවුවොත් පමණයි අවසන්
පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නට හැකිවන්නේ.
No comments:
Post a Comment