ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට
පාකිස්ථානය මොහොමඩ් අමීර් ගේ තුරුම්පුව භාවිත කරනු ඇතැයි සදහන්. අමීර් ශ්‍රී ලංකාව සමග පැවති මූලික වටයේ
තරගයේදී ආබාධයකට ලක්වුණා. මේ නිසාම අවසන් පූර් ව තරගයත් ඔහුට අහිමිව ගියා. කෙසේ
වෙතත් මේ වන විට අමීර් හොද සෞඛ්‍ය තත්වයකින් සිටින බවයි කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු
අසර් මොහොමඩ් පවසන්නේ. ඒ අනුව වමත් වේග පන්දු යවන ක්‍රීඩක අමීර් කණ්ඩායමට එක්වීමත්
සමග පන්දු යැවීමේ බල ඇණිය තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ඉන්දීය පිතිකරුවන්ව මෙල්ල
කිරීමට මෙය හොද අවස්ථාවක් බවත් පාකිස්ථානය පවසනවා.
මේ අතර ඉන්දීය ක්‍රීඩක ආර් ආශ්වින්ගේ දකුණු පාදයේ
මස්පිඩුවල ආබාධයක් මතුව ඇතැයි සදහන්. කෙසේ වෙතත් අවසන් මහා තරගයට ආශ්වින් ක්‍රීඩා
නොකරන බව මෙතෙක් කිව නෙහැකි බවයි කණ්ඩායම් ආරංචි මාර් ග පවසන්නේ. ඉන්දියාව සහ
පාකිස්ථානය අතර අද පැවැත්වෙන තරගය රූපවාහිනිය ඔස්සේ බිලියනයක ප්‍රේක්ෂක පිරිසක්
නරඹනු ඇතැයි විශ්වාස කරනවා.
No comments:
Post a Comment