ශූරයින් වීමට ඉන්දියාව කඩුල්ලක් පනී
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම්
ලැබීමට ඉන්දියාව සමත්වූණා. ඒ සදහා ඔවුන් අතින් පරාජයට පත්වූයේ දකුණු අප්‍රිකාවයි. තරගාවලියේ
මූලික වටයේ තරගයේදී ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුව පිතිකරණයේ අවස්ථාව දකුණු අප්‍රිකාවට
ලබාදුන්නා. මෙම තරගයේදී දකුණු අප්‍රිකා ඉදිරිපෙළ පිතිකරුවන් සාර් ථක උවද මැදපෙළ සහ
පසුපෙළ පිතිකරුවන් අසාර් ථක වූණා. අර් ධ ශතකයක් වාර් ථාකළ කණ්ඩායමේ එකම පිතිකරු වූ
කුව්න්ටන් ඩි කොක් ලකුණු 53 ක් ලබා ගත්තා. අපරික්ෂාකාරීත්වය හේතුවෙන් ක්‍රීඩකයින්
තුන් දෙනෙකු දැවී ගියේ දුවද්දී දැවීයාම් වලට ගොදුරුවයි. මේ අනුව දකුණු අප්‍රිකා
ඉනිම සියල්ලන් දැවී ලකුණු 191 කට සීමා වූණා.
මෙම ලකුණු පුවරුව හබාගිය ඉන්දියාව කඩුලු 02 ක් පමණක්
දැවී නියමිත ඉලක්කය හබායාමට සමත් වූණා. මෙහිදී ශිකර් දවාන් ලකුණු 78 ක් ලබාගත්තා.
නායක විරාත් කෝලි අනගි පිතිහරබයක නිරත වෙමින් නොදැවී ලකුණූ 76 ක් ලබාගත්තා. මේ
අනුව ඔවුන් කඩුලු 02 කට ලකුණු 193 ක් ලබා ගත්තා. මේ අනුව ඔවුන් ලබන 15 වැනිදා
පෙරලිකාර බංග්ලාදේශය සමගින් අවසන් පූර්ව තරගයේදී තරග වැදීමට නියමිතයි.
No comments