ශූරයන්ගේ කුසලාන තරගාවලියේ නවසීලන්තය සමග පැවති තරගයේ කඩුලු
05 ක පෙරලිකාර ජයක් වාර් තා කිරීමට බංග්ලාදේශය සමත්වූණා. මෙම තරගයේ කාසියේ වාසිය
දිනා ගත් නවසීලන්ත නායක කෙන් විලියම්සන් පළමුව පිතිකරණයට තීරණය කළා. ඒ අනුව පිටියට
පිවිසි නවසීලන්තයට රිසි සේ පිතිකරණයේ යෙදීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ
නැහැ. මේ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 265 කට නවසීලන්ත
පිතිකරුවන්ව සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වූණා. ඉනිමේ වැඩිම ලකුණු
ලාභියා වූ රොස් ටේලර් ලකුණු 63 ක් රැස් කළා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින්
විලියම්සන් ලකුණු 57 ක් ලබා ගත්තා.
පිලිතුරු ඉනිම ඇරඹු බංග්ලාදේශයට සාර්ථක ආරම්භයක් ලබා
ගැනීමට හැකිවූයේ නැහැ. මේ අනුව ඉදිරිපෙළ කඩුලු 04 ම බිද වැටුනේ ලකුණු 33 ක් තුලයි.
අනතුරුව පිටියේ එක්වූ ශකිබුල් හසන් සහ මොහොමදුල්ලා වාර්තා ගත සබදතාවක් ගොඩ
නැගුවා. ඔවුන් දෙදෙනා එක්ව ගොඩ නැගූ ලකුණු 224 ක සබදතාව ඕනෑම කඩුල්ලක් සදහා
බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ හොදම සබදතාවයි. තරගය ජයග්‍රාහී මාවතට ගෙන ආ
ඔවුන් දෙදෙනාගෙන් පළමුව දැවී ගියේ ශකිබ්
අල් හසන්. ඒ වන විට ඔහු ලකුණු 114 ක් ලබා සිටියා. තරග අවසානය තෙක්ම නොදැවී ක්‍රීඩා
කළ මොහොමදුල්ලා ලකුණු 102 ක් ලබා ගත්තා. මේ
අනුව කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 268 ක් ලබා ගනිමින් බංග්ලාදේශය පෙරලිකාර ජයක්
ලබා ගත්තා. මේ අනුව නවසීලන්තය අවසන් පුර් ව වටය කරා තබා තිබූ සිහින බොදව ගියා.
No comments:
Post a Comment