මාලිංගත් කුලසේකරත් ඇමති දයාසිරිගේ කණට ගහලා
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විලාශය ගැන මේ දිනවල කතාබහට ලක් වෙනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවක් වන්නේ ඔවුන්ගේ ශාරීරික යෝජ්‍යතාවය පිළිබඳයි. මේ අනුව කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂා කර බැලීමේ ඉසව්වක් ඊයේ පුහුණුවීම් අතරතුර පැවැතුණා. එහිදී සියලු දෙනා පුදුම කරමින් පළමු සහ දෙවන ස්ථාන හිමි කර ගත්තේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපලක්. ඒ වෙන කවුරුත් නොව ලසිත් මාලිංග සහ නුවන් කුලසේකරයි.
මෙම විශේෂ සැසිය පිළිබඳ කරුණු දැක්වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ සඳහන් කළේ අදාළ යෝග්‍යතා පරීක්ෂණයට මීටර් 20ක ධාවනයක් ද ඇතුළත්වී තිබූ බවයි. මේ පිළිබඳ සමාජජාල වෙබ්අඩවිවල දැනටමත් විවිධමත පල වෙමින් තිඛෙනවා. ඇතැම් අය ප්‍රශ්න කරන්නේ මීටර් 20 ධාවනයක ප්‍රතිපලය කුමක් ද යන්නයි. ඊයේ පැවති යෝග්‍යතා පරීක්ෂණයේ අවසන් නිල ප්‍රතිඵල තවමත් ලැබී නොමැති බව ද අසංක ගුරුසිංහ කියා සිටියා. මෙම සැසිය පැවැත්වූයේ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩකයිට ශාරිරික යෝග්‍යතාව ඇත්දැයි පරීක්ෂා කළ යුතු බව පසුගියදා ප්‍රකාශ කිරීමත් සමගයි. මෙම ප්‍රකාශයට ඇමතිවරයා සහ ලසිත් මාලිංග පරස්පර මත පළකිරීමත් සමග තත්වය උණුසුම් වුණා.
No comments