ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය ලබන 15 වැනිදා නොපැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය
දැනුම් දී තිබෙනවා. රජයේ විගණකාධිපති වරයාගේ විගණන වාර් තාව නොලැබීම නිසා මෙම
තීරණය ගත් බවයි අමාත්‍යාංශය පවසන්නේ. මෙම හිතුවක්කාර පියවර සමගින් ජාත්‍යන්තර
බැඩිම්න්ටන් සංගමය ලංකාවට ජාත්‍යාංතර තහනමක් පැනවීමේ ඉඩක් පවතිනවා. පසුගිය මාර් තු
24 වැනිදා පැවැත්වූ නිලවරණය අහෝසි කිරීමට අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කළේ
පසුගිය වසර 08 ම ගිණුම් වාර් තා විගණකාධිපති දෙපාර් තමේන්තුවට ඉදිරිපත්කර නැතිවීම
සැලකිල්ලට ගනිමින්. මේ අනුව සංගමයේ පරිපාලනය ක්‍රීඩා අධ්‍යක්ෂකවරයාට ලබාදුන්නේ
නිසි බලධාරියා ලෙස ඔහුව නම් කරමිනුයි. මේ අනුව ජාත්‍යාන්තර බැඩ්මින්ටන් සංගමය
දැනුම් දැන්නේ ලබන 15 වැනිදාට පෙර පැවැත්විය යුතු බවයි. මේ අනුව ඒ සදහා කටයුතු
කෙරුණද එය නොපැත්වීමටය මේ වන විට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ තහනම් වීම වලක්වා ගැනීමට ක්‍රීඩා
අමාත්‍යාංශ නියෝජිතයින් පිරිසක් මැලේසියාවට පටත්ව යෑමට සූදානම් වනවා. ඒ ජාත්‍යාංතර
බැඩ්මින්ටන් සංගමයේ ලේකම් තෝමස් ලුන් මහතාව හමුවී නිලවරණය පැවැත්වීමට ලබන මාසය
දක්වා කල් ඉල්ලා ගැනීමටයි. ලබන මස පළමු සතියේ නිලවරණය පැවැත්වීමටයි අමාත්‍යාංශය
බලාපොරොත්තු වන්නේ. එහි සභාපති තනතුර සදහා ඉදිරිපත්වූ 08 දෙනාගෙන් දෙදෙනෙකුගේ
නාමයෝජනා ප්‍රතික්ෂ්ප කර තිබෙනවා. ලක්ෂ්මි පුංචිහේවා බැඩ්මින්ටන් විනිසුරුවෙකු වීම
හේතුවෙන් නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා. හිටපු සභාපති සුරාජ් දන්දෙනිය මහතාගේ
නාමයෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහුගේ කාලයේද විගණන වාර් තා රජයේ විගණනයට ලක්කර
නැතිවීම හේතුවෙනුයි. මෙම තත්වය සමග බැඩ්මිනටන් හෙට දවස අවිනිචිත වී තිබෙනවා.
No comments:
Post a Comment