ශූරයන්ගේ කුසලාන
තරගාවලියේ ශූරතාව ඉතිහාසයේ පළමු වරට දිනා ගැනීමට පකිස්ථානය සමත්වුණා. අවසන් තරගයේ
කාසියේ වාසිය දිනා ඉන්දියාව පළමුව පිතිකරණයේ අවස්ථාව පකිස්ථානයට ලබා දුන්නා. මේ
අනුව පිටියට පිවසි පකිස්ථාන පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 128 ක සබදතාවක් ගොඩ
නැගුවා. එය ඉන්දියාවට එරහිව පාකිස්ථාන පිතිකරුවන් යුගලක් ගොඩ නැගූ ඉහළම සබදතාවයි.
මේ අනුව ඔවුන් කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 338 ක් ලබා ගත්තා. ෆකර් සමන් ලකුණු 114
ක් ලබා ගත්තා. මෙහොමඩ් හෆීස් නොදැවී ලකුණු 57 ක් ඉනිමට එක්කළා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා
කළ කිසිදු ඉන්දීය පිතිකරුවකුට සාර් ථක වීමට ඉඩ ලැබුනේ නැහැ. මේ අනුව ඉන්දියාවට
සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 158 ක් පමණයි. හර් දික් පාන්ඩයා හුදකළා සටනක
නිරත වෙමින් ලකුණු 76 ක් ලබා ගත්තා. මොහොමඩ් අමීර් සහ හසන් අලී කඩුලු 03 බැගින්
ඩැහැ ගත්තා. මේ අනුව තරගය ලකුණු 180 කින් ජයගැනීමට පකිස්ථානය සමත්වුණා. ICC තරගාවලියක අවසන් තරගයක මෙවැනි විශාල ලකුණු සංඛයාවකින් ජය සටහන්වූ පළමු
අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ. මෙම තරගය වෙනස්කල සාධකය වූයේ කාසියේ වාසිය
බවයි විචාරකයන් පවසන්නේ. පළමුව පිතිකරණ අවස්ථාව පාකිස්ථානයට ලබාදීමට ඉන්දියාව ගත්
තීරණය පරාජයට හේතු වූ බවයි විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
No comments:
Post a Comment