ශූරයන්ගේ කුසලානයේ පළමු
තරගයේදී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් උපුල් තරංගට ICC යෙන් තරග දෙකක තහනමක් පනවා තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාව
සමග පැවත් තරගයේදී ලංකාව නියමිත කාලයේදී නියමිත පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්
වීම හේතුවෙනුයි. එම තරගයේදී නිත්‍ය නායක ඇන්ජලෝ ආබාදයක් හේතුවෙන් ක්‍රීඩා නොකිරීම
නිසා ලංකා කණ්ඩායම මෙහෙයවූයේ උපුල් විසිනුයි. තරග තහනමට අමතරව කණ්ඩායමේ ක්‍රීඩකයන්
සියළු දෙනාගේ තරග ගාස්තුවෙන් සියයට 60 ක් කපා දැමීමටත් ICC තීරණය කර තිබෙනවා. මෙම
දඩුවම් පිලිබද උපුල් අයදුමක් සිදු නොකිරීම හේතුවෙන් ICC ය දඩුවම තහවුරු කර තිබෙනවා. මේ අනුව තරගාවලියේ මූලික
වටයේ මීලග තරග දෙක වන ලබන 08 වැනිදා පැවැත්වෙන ඉන්දීය තරගය සහ පාකිස්ථානය සමගින්
ලබන 12 වැනිදා පැවැත්වෙන තරගය උපුල්ට
තහනම් වනවා.
නායක මැතිව්ස්ට මෙම තරග
දෙකට ක්‍රීඩා කිරීමට නෙහැකි වුවහොත්
ලංකාවට නායකයකු සෙවීමට සිදුවනවා. තරගාවලිය එංගලන්තයේ පැවැත්වුවද තණතීරු සකස් කර
ඇත්තේ පිතිකරුවන්ට යොග්‍ය ලෙසයි. එහෙත් බෙහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ වේග පන්දු
යවන්නන්ට යෝග්‍ය ලෙස තණතීරු සැකසෙනු ඇතිබනයි. තරගාවලියේ තියුණු බව පිතිකරුවන්ට
යොග්‍ය තණතීරු සකස්වීමටත් සමග ඉහල ගොස් ඇති බවයි විචාරක මතය වී ඇත්තේ. මේ නිසා
ලකුණු 300 කට වඩා පළමුව පිකරණයේ යෙදෙන කණ්ඩායම ලබා ගත්තද එය ආරක්ෂා කරගත නොහැකි වී
තිබෙනවා. තරග නරබන්නන්ට මේ නිසා තියුණු තරග දැක ගැනීමේ අවස්ථාවක් උදා වී ඇති බවයි
විචාරක මතය වී ඇත්තේ.
No comments:
Post a Comment