වාර්ථා පිට වාර්ථා තබමින් ශ්‍රී ලංකාව ජය කෙහෙලි නංවයි
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 155 ක් පමණයි. සිම්බාබ්වේ ඉනිම බිද දැමූවේ වනිදු හසරංග සහ ලක්ෂාන් සදකැන් එක්වයි. හසරංග ක්‍රීඩා කළ මංගල එක්දින තරගය වූ මෙහිදී කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත්වුණා. මංගල තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් තුන්වන ක්‍රීිඩකයා සහ පළමු ශ්‍රී ලංකිකා ඔහුයි. එමෙන්ම එක්දින තරගයක කඩුලු ත්‍රිත්වයක හිමිකරු වූ ශ්‍රී ලංකා පළමු දඟ පන්දු යවන්නා ලෙසටද හසරංග වාර්ථා අතරට එක්වුණා. උණ රෝගය වැලදීම හේතුවෙන් ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් මෙම තරඟයට ක්‍රීිඩා නොකිරීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළත් ඔවුන් දෙදෙනාම තරඟයට ක්‍රීඩා කිරීම කැපී පෙනෙනවා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ පළමු කඩුලු දෙකම මුලු ලකුණු 10 වෙද්දී දවා ගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත්වුණා. එතැන් සිට පිටියේ එක්වූ නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග ලකුණු 67 ක සබඳතාවක් ගොඩනැගුවා. කණ්ඩායම ජයග්‍රහණයට කැදවාගෙන ගිය උප නායක උපුල් තරංග නොදැවී ලකුණු 71 ක් ලබා ගත්තා. මේ අනුව කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 158 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව කඩුලු 07 ක ජයක වාර්ථා කළා. දෙරට අතර මීලඟ තරගය ලබන 06 වැනිදා හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පළමු එක්දින තරඟයේ ජය හිමිවුණේ සිම්බාබ්වේ කණ්ඩායමටයි.

No comments