• Breaking News

    අසේලත් ආබාධයකට ගොදුරු වෙයි

    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න පාදයේ ආබාධයකට ලක්ව තිබෙනවා. සිම්බාබ්වේ සමඟ මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟයේ මැදපෙළ ශක්තිමත් කිරීමේ වගකීමයි ඔහුට පැවරුනේ. වම් පාදයේ හෑම්ස්ට්‍රින් ආබාධයකටයි ඔහු ගොදුරුව ඇත්තේ. මේ හේතුවෙන් ඉදිරි දින 7 හෝ 10 අසේලට විවේක ගන්නා ලෙසයි වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ හේතුවෙන් පන්දු රැකීමටවත් අසේලට කණ්ඩායමට සහය විය නොහැකි බවයි.

    No comments