බැඩ්මින්ටන් වලපල්ලට දක්කන නොසැලකිලිමත් ක්‍රීඩා අධ්‍යක්ෂ ඉල්ලා අස්විය යුතුයි
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් තරඟාවලියේ කණ්ඩායම් තරඟ ශ්‍රී ලංකා බලධාරීන්ගේ වරදින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමිව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එහිදී ආසියානු රටවල් වලින් කණ්ඩායම් 18 ක් තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟාවලියේ කේවල කාන්තා සහ කේවල පිරිම් තරඟ සදහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ඇතුලත් කිරීමට මෙරට බලධාරීන් අමතක කර නැහැ. මෙම තරඟාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් පහසුකම් සහ ගුවන් ප්‍රවේශ පත්‍ර නොමිලේ ලබාදීමටත් තරඟ සංවිධායකයන් කටයුතු කර තිබෙනවා. මෙම තරඟාවලියේ අයදුම්පත් පසුගිය මස 22 දායින් අවසන් වුණා.
මෙරට බැඩ්මින්ටන් නිලවරණය අවලංගු කර එහි නිසි බලධාරියා ලෙස ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරල්වරයාව පත් කළේ ක්‍රීඩා ඇමතිවරයායි. එතැන් සිට මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ කඩා වැටීම ආරම්භ වූණා.
මෙම තරඟාවලියේ කණ්ඩායම් තරඟ සදහා ශ්‍රී ලංකාව අයදුම් නොකලේ ඇයි? කගේ වරදින් ඒ සදහා අයදුම් නොකලාද ? මෙම තරඟාවලියේ කණ්ඩායම් තරඟවලට ලංකාව එක් නොවීම නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට තිබූ අවස්ථාවත් ගිලිහී ගියා. එමෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරඟාවලියක තරඟකාරීත්වය සහ අත්දැකීම අහිමිව ගියා. ඉන් පාඩුව සිදුවන්නේ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිස බලධාරීන්ට නොවේ. මෙහිදී සිදුවූ වරදට ජාතියෙන් සමාව ගත යුතු ක්‍රීඩා අධ්‍යක්ෂජනරල් තනතුරෙනුත් ඉල්ලා අස්විය යුතුයි. මෙලෙස අපරික්ෂාකාරී පුද්ගලයකු මෙරට ක්‍රීඩාව ගොඩ නංවනු ඇතැයි කෙලෙස නම් සිතන්නද ? මෙම පුවත කවුරුන් හෝ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට පෙන්වන්න. එවිට ඉදිරියේදී හෝ මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව ගොඩ නැංවීමට අමාත්‍යවරයා කටයුතු කරනු ඇති.
No comments