සේවකයින්ගේ කලිසම ගැලවීම ගැන තිලංග සමාව ඉල්ලයි
අර්ධ කාලීන සේවය මත බදවාගත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගන සේවකයින්ගේ කලිසම පූර්ව දැනුම් දීමකින් තොරව ගලවා ගැනීම පිලිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගන බලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසා තිබෙනවා. මෙම සිදුවීමෙන් අපසුතාවට පත්වූ සේවකයන්ට හානි පූර්ණයක් කිරීමටත් තීරණය වී ඇතැයි සදහන්. සේවකයින්ට සිදුවූ අපහසුතාවට ක්‍රිකට් විධායක කමිටුව කණගාටුව පළකරනවා. මෙම සිදුවීම පිලිබද නිසි පරීක්ෂණයක් කරන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ තරග පැවති කාල සිමාවේදී ක්‍රිඩාංගණයේ සේවය සදහා තාවකාලික පදනම මත කම්කරුවන් 100ක් පමණ බදවාගෙන තිබෙනවා. ඔවුන් සදහා රුපියල් 1000 දෛනික දිමනාවක් ලබා දිමයි කටයුතු කර ඇත්තේ. මේ සදහා ප්‍රදේශයේ තරුණයන් 100 ක් පමණ බඳවාගෙන තිබු අතර ඔවුන්ගේ ප්‍රමුඛ රාජකාරිය බවට පත් වුයේ ක්‍රිඩාංගණයේ වැසි ආවරණය යෙදීමයි.
කෙසේ හෝ ශ්‍රි ලංකාව සිම්බාබ්බේ සමග පැවති එක්දින තරගාවලිය ඊයේ (10) දින නිමා විමෙන් පසු එහි සේවය කළ කම්කරුවන් තමන්ගේ දෛණික වැටුප් ලබා ගැනිමට ගිය අවස්ථාවේ එහි පාලනාධිකාරිය පවසා තිබුනේ වැටුප් ලබා ගැනීමට පෙර ක්‍රිකට් ලාංජනය සහිත ඇඳ සිටින කලිසම ආපසු දෙන ලෙසයි. දිසියේම මුහුණදීමට සිදුවූ මෙම තත්වයත් සමගින් එහි සේවය කළ කම්කරුවන් දැඩි අසරණ තත්වයකට හා අපහසුතාවයකට පත් වුයේ ඇද සිටි කලිසම ගලවා දීමෙන් පසු ඔවුනට ඇදගෙන යාමට යට කලිසම හැරුණුකොට වෙනත් කලිසමක්ද රැගෙන නොඒම නිසයි. කෙසේ වෙතත් කම්කරුවන් ඇද සිටි කලිසම් ගලවා දීමෙන් පසු පිරිසක් යට ඇදුම් පිටින්ම ගිය අතර තව පිරිසක් තමන් ඇදි සිටි බැනියම ඇඳගෙන නිවෙස් වෙත යනු දැකගත හැකි වීය.

No comments