• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවාදීලා ?

    2009 වසරේ පකිස්තානයේ ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි තමන් ද ඉල්ලා සිටින බව හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. එමෙන්ම 2011 වසරේ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඊයේ (12) සිදු කළ ප‍්‍රකාශයකට අද මාධ්‍ය හමුවේ ප‍්‍රතිචාර දක්වමින්. සංගක්කාර එහිදී ස්කයිප් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් කියා සිටියේ පකිස්තානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරය පිළිබදවද විමර්ශන කළ යුතු බවයි. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව එම අවස්තාවේදී අවදානය යොමු කළේද යන්න පිළිබදව සොයා බැලිය යුතු බවයි සංගක්කාර ප්‍රකාශ කරන්නේ.


    No comments