• Breaking News

    ශ්‍රී ලංකාව සටන පරදියි ?

    ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. සිම්බාබ්වේ පිළ පළමු ඉනිම වෙනුවෙන් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 356ක්. එහිදී රංගන හේරත් කඩුලු පහක් දවා ගත්තා. පිලිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව දිනය නිමාවේ කඩුලු 07ක් දැවී ලකුණු 293 ලබා සිටිනවා. මේ අනුව සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 63 ක් පිටුපසිනුයි ශ්‍රී ලංකාව සිටින්නේ. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 55 ක් සහ උපුල් තරංග ලකුණු 71 ක් ලබා ගැනීම කැපී පෙනුනා. නායකත්වයෙන් ඉල්ලා අස්වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41 කට දැවී ගියා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරඟයේ හෙට (16) තෙවන දිනයයි.
    පෙර ලිපිය

    චන්දි වාර්ථා අතරට අර්වින් සටන අත්නොහරී


    No comments