වාර්ථා පිට වාර්ථා තියලා සිම්බාබ්වේට ඉගැන්වූ පාඩම
සිම්බාබ්වේ සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වූ පළමු ටෙස්‌ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණය ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පොතට එක්ව තිබෙනවා. එහිදී ලකුණු 388ක් ලුහු බඳිමින් පිති ප්‍රහාරයේ යෙදුන ශ්‍රී ලංකා ඉනිම මෙරටදී සිව්වන ඉනිම හඹා ගොස් ජයග්‍රහණය කරනු ලැබූ හොඳම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වුණා. එමෙන්ම සිව්වන ඉනිම හඹා ගොස් ජයග්‍රහණය කරනු ලැබූ තරග අතර ලොව ඉහළම පස්වැනි ඉනිම ලෙස මෙය හැඳින්වෙනවා. ආසියාවේ මෙවැනි ලකුණු ගණනක් සිව්වන ඉනිමේදී හඹා ගොස් ලැබූ ඉහළතම ජයග්‍රහණය වන්නේ ද මෙයයි. මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 356 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ සියල්ලන් දිවී ලකුණු 346 ක් පමණයි. ලකුණු 10 ක් ඉදිරියෙන් සිටිමින් ඉනිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 377 ක් දෙවන ඉනිමට රැස්කළා. මේ අනුවයි ලකුණු 388 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලැබුනේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔහුට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කර තිබෙනවා. ශමින්ද එරංග සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවරැදි කරගෙන ඇති බවයි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

No comments