• Breaking News

    පාපන්දුව හොරු උස්සයි

    ජාතික පාපන්දු සංගමයේ සභාපති ලෙස අනුරද සිල්වා මහතා පත්ව තිබෙනවා. ඔහු සමග තරගවැදි හිටපු සභාපති රංජිත් රොද්‍රගු මහතාව ඡන්ද 104 ට 79 ක් ලෙස තියුණු තරගයකිනුයි පරාජය කළේ. මෙහිදී මුස්ලිම්වරු සහ දමිල ඡන්ද හිමි ක්‍රීඩා සංගම් නියෝජිතයින් සහය ලබා දී ඇත්තේ අනුරටයි. එමෙන්ම දූෂණ සහ වංචා සිදුකළ බවට චෝදනා ලබා පාපන්දු ක්‍රියාකාරකම් තහනම් වූ හිටපු සභාපති මනිලාල් මහතාගේ සහය ලැබී ඇත්තේද අනුරට බවයි වාර්ථා වන්නේ. ඒ ඔහුගේ දූෂණ සහ වංචා ගැන FCID යට පැමිණිලි කිරීම, ජාත්‍යන්තර සංගමයට පැමිණිලි කිරීම සහ අක්‍රමිකතා හෙලි කිරීමට මූලික වූයේ හිටපු සභාපති රංජිත් මහතාවීම හේතුවෙවනුයි. මේ අනුව සෙසු නිලයන් සදහා ලේකම් - යූ. එල්. ජස්වර්, උප සභාපතිවරුන් - නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ, ඇන්ටන් ඩේවිඩ්සන්, උපාලී හේවගේ, මහින්ද ජයරත්න, භාණ්ඩාගාරික - ටිරෝන් ප්‍රනාන්දු, නියෝජ්‍ය ලේකම් (පරිපාලන අංශය ) - ඒ. අරුලානන්දජෝතී, නියෝජ්‍ය ලේකම් (තාක්ෂණික අංශය) - එන්. ටී. ෆාරුක් යන මහත්වරුන් තේරී පත්ව තිබෙනවා. මේ අනුව සභාපති සටනින් ජයගැනීමට උදව් කළ අයට ප්‍රති උපකාර කිරීමට ගියහොත් පාපන්දුව හොරුන්ගේ තිප්පොලක් වනු ඇති බවයි ඇතමුන් පවසන්නේ.


    No comments