• Breaking News

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායකයා අතුරුදන්

    සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙදින පුහුණු තරගයට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ සංචිතය අද (20) නම් කළා. ක‍්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයට ලහිරු තිරිමාන්න, අශාන් ප‍්‍රියන්ජන් සහ කිත්රුවන් විතානගේ ද කැඳවා තිබෙනවා. මෙම තරගයට නායකත්වය දෙන ක‍්‍රීඩකයා නම් කර නොමැති අතර කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා සහ සඳුන් වීරක්කොඩි ද සංචිතයට ඇතුළත්.
    වේග පන්දු යවන්නන් ලෙස කසුන් රාජිත, ලහිරු ගමගේ, විකුම් සංජය සහ විශ්ව ප‍්‍රනාන්දු නම් කර තිබෙනවා. ශෙහාන් ජයසූරිය සහ තරිඳුකෞෂාල් දඟ පන්දු යවන්නන් ලෙස මෙම සංචිතයට ඇතුළත්.

    No comments