කොන්ත්‍රාත්තුවකට ඉල්ලා අස්වූ මෙරට පුහුණුකරු
ශ්‍රී ලංකා වේග පන්දු ජාතික පුහුණුකරු චම්පක රාමනායක මහතා ඉල්ලා අසවී ඇත්තේ බංග්ලාදේශයෙන් හිමිවූ කොන්ත්‍රාත්තුවක් හේතුවෙන් බව වාර්ථා වනවා. මේ වන විටත් ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්වූ බොහෝ පුහුණුකරුවන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට සේවය ලබා දෙනවා. ඒ හේතුවෙනුයි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙතරම් දක්ෂතා දක්වන්නේ. චම්පක රාමනායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරු ලෙස පසුගිය වසර 14 පුරා සේවය කළා. ඔහු මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට හදුන්වාදුන් ප්‍රධානම වේග පන්දු යවන්නකු වන්නේ ලසිත් මාලිංගයි. චම්පකට ඉල්ලා අස්වීමට කිසිදු හේතුවක් නැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. එනිසයි මෙය වෙනත් රටකින් හිමිවූ කොන්ත්‍රාත්තුවක් විය හැකි බවටයි විශ්වාස කරන්නේ.
කෙසේ වෙතත් සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියට වේග පන්දු යැවීමේ උපදේශකයකු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්ව පත්කර තිබෙනවා. තරඟාවලියේදී මෙරට වේග පන්දු යවන්නන් දක්වන දක්ෂතා මත ඔහුගේ තනතුරු ස්ථිර වනු ඇති.

No comments