• Breaking News

    හැමෝටම හොරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉල්ලම පෑදෙන හැටි

    ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනා අයුරු බොහො දෙනා නොදන්නා කරුණක්. මෙම සටහන ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනා අයුරු පිළිබදවයි. ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය ක්‍රීඩකයන් වර්ගීකරණය කොට ගිවිසුම් ගත කරනවා. මෙම ගිවිසුම් A,B,C,D,E ලෙසයි වර්ගීකරණය කරන්නේ. සුපිරි මට්ටමේ ක්‍රීඩකයන් A ඛාණ්ඩයට අයත් වන අතර මීට අමතරව ජාතික කණ්ඩායම වසර පහක් නියෝජනය කරනා ඕනෑම ක්‍රීඩකයෙක් A ඛාණ්ඩයට අයත් වනවා. ඉන්පසු එම ඛාණ්ඩ ගත කර ගිවිසුම් ගත කල ක්‍රීඩකයන්ට වාර්ශිකව මුදලක් ක්‍රීකට් ආයතනය ලබාදෙනවා. මෙම මුදල ක්‍රීඩා කලත් , නැතත් අනිවාර්යෙන්ම ක්‍රීඩකයාට ගෙවීමට කටයුතු කිරීම විශේෂත්වයක්. 
    A – එක් කෝටී අසූ හත් ලක්ෂ පනස් දහසයි
    B – එක් කෝටි විසි ලක්ෂයයි
    C – ලක්ෂ අනූවයි
    D – ලක්ෂ හැටයි
    E – ලක්ෂ තිහයි
    එයට අමතරව ක්‍රීඩා කරනවාට වෙනම තරගාවලි අනුව තරග ගාස්තු ගෙවනවා. තරගය ජය ගත්තත් පරාජය වූවත් මෙම මුදලද අනිවාර්යෙන්ම ක්‍රීඩකයාට හිමිවනවා. 
    ටෙස්ට් තරගයකට- හත් ලක්ෂ පනස් දහසක්
    එක්දින තරගයකට – හාර ලක්ෂ පනස් දහසක්
    විස්සයි විස්ස තරගයක් -: ලක්ෂ තුනක්
    මීට අමතරව ටෙස්ට් තරගයක් ජය ගත්තොත් තවත් හත් ලක්ෂ පනස් දහසක් බෝනස් ලෙස ලබාදෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ෂතා වර්ධනය කිරීමට දිරි දීමනා වෙනම ගෙවනවා.
    ටෙස්ට් ශතකයකට රුපියල් ලක්ෂ හත් ලක්ෂ පනස් දහසක්
    ටෙස්ට් කඩුලු පහකට හත් ලක්ෂ පනස් දහසක්
    එක්දින තරගයක ශතකයට හත් ලක්ෂ පනස් දහසක්
    එක්දින තරගයක කඩුලු පහකට හත් ලක්ෂ පනස් දහසක්
    විස්සයි විස්ස ශතකයට තුන් ලක්ෂ හැත්තැ පන්දහසක්
    විස්ස විස්ස කඩුලු පහකට තුන් ලක්ෂ හැත්තැපන් දහසක්
    මේ ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය ක්‍රීඩකයන්ට ගෙවනා වැටුප් පමණක් වන අතර මීට අමතරව IPL , BPL , CPL , BBL ආදි තරගාවලි වලට ක්‍රීඩා කිරිමෙන් , වෙළද දැන්වීම් වලට පෙනිසිටීමෙන් ද ක්‍රීඩකයන්ට ආදායම් හිමිවනවා.

    No comments