සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට දඩ
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට දඩ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ ඊයේ හම්බන්තොටදී පැවති තරඟයේදී නියමිත කාලයේදී නියමිත පන්දුවාර ප්‍රමාණය නොයැවීම හේතුවෙනුයි. කණ්ඩායම් නායක ක්‍රීමර්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 20 ක මුදලක්ද සෙසු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ගාස්තුවෙන් සියයට 10 ක්ද මේ අනුව අහිමිව යනවා. කෙසේ වෙතත් මෙම තරඟයේදී ජයග්‍රහණය ලබා ගත්තේද සිම්බාබ්වේ කණ්ඩායමයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩ පැනවීමට එරහිව සිම්බාබ්වේ කණ්ඩායම මෙතෙක් අභියාචනයක්ද ඉදිරිපත් කර නැහැ.
No comments