• Breaking News

    බඩ්මින්ටන් නිලවරණයට බාලගිරි නිමයි

    දිනෙන් දින කල් යවමින් පැවති ජාතික බැඩ්මින්ටන් නිලවරණය ලබන අගෝස්තු මස 31 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් නිලවරණය පැවැත්වීමට පත් කර ඇති නිලවරණ කමිටුව පක්ෂපාති එකක් බවයි විවිධ පාර්ශ්‍රවයන් චෝදනා කරන්නේ. මෙම කමිටුව පංච පුද්ගල කම්ටුවක්. එහි තිදෙනෙක් එක් පෞද්ගලික ආයතනයක සේවය කරනවා. අනෙක් දෙදෙනා එක් පිරිමි පාසලක ආධි සිසුන්. මෙම පෞද්ගලික ආයතනයේ ප්‍රධානියා පසුගිය වර ලේකම් තනතුරට ඉදිරිපත්වීමට ඉල්ලුම් කරනු ලැබුවා. එහෙත් ඔහු මෙරටට ක්‍රීඩා භාන්ඩ ආනයනය කරන්නෙකු වීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මෙවර නිලවරණයට ඔහුට ඉදිරිපත් විය හැකි බව ඔහුගේ ආයතනයේ සේවකයින් තිදෙනෙකුද ඉගෙනුම ලැබූ පාසලේ ආධි සිසුන් දෙදෙනෙකුද සිටින මෙම කමිටුව තීරණය කළ හැකියි. එවිට අමාත්‍යවරයා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? එනිසයි මෙමෙ කමිටුව අපක්ෂපාති කමිටුවක් නොවන බව පවසන්නේ.
    මේ වන විට සංගමයේ පරිපාලනය කරන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරල් වරයායි. ඒ ඔහුව සංගමයේ නිසි බලධාරියා ලෙස පත්කිරීම හේතුවෙනුයි. සංගමයේ නිලවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය දැනුම් දී තිබුණා. සංගමයේ නිලවරණය අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළේ පසුගිය වසර 08 ගිනුම් විගණනය නොකිරීම හේතුවෙනුයි. මේ වන විට එම කටයුතු අවසන්ව ඇති බවයි වාර්ථා වන්නේ.

    No comments