සිම්බාබ්වේට පරදින්න ලංකාව කළ වැරැද්ද
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (10) පැවති පස්වැනි එක්දින තරගයේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට හිමි වුණා. ඒ අනුව දෙරට අතර පැවැත්වූ එක්දින තරගාවලියේ ජය ද සිම්බාබ්වේ කණ්ඩායමට හිමි වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 203 ක් රැස් කර ගත්තා. ධනුෂ්ක ගුණතිලක සහ අසේල ගුණරත්න මෙහිදී අර්ධ ශතක ලබා ගත්තා.
සිම්බාබ්වේ කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු ලකුණු 204 ක් පමණයි. ඔවුන් පළමු කඩුල්ල සඳහා ලකුණු 92ක සම්බන්ධයක් පැවැත්වූ අතර හැමිල්ටන් මසකඩ්සා ලකුණු 73ක් ලබා ගත්තා. සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 204 ක ජයග්‍රාහී ඉලක්කය පසු කළා. තරග 5කින් යුත් මෙම තරගාවලියේ තරග 3ක ජය සිම්බාබ්වේට ද තරග 2ක ජය ශ්‍රී ලංකා කණ්ඩායමට ද හිමිවුණා.
කෙසේ වෙතත් මෙම පරාජයට හේතුවූයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී පිතිකරණය බවයි විචාරකයන් පැවස්වේ. තරඟාවලි පරාජයට හේතුව මෙරට පන්දු යවන්නන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය සහ පන්දු යවන්නන් හුවමාරුවේදී නායක මැතිව්ස් දැක්වූ දුර්වලතාව බවයි විචාරකයන් පවසන්නේ. මෙම දුර්වලතා ඉදිරියේදී හෝ ශ්‍රී ලංකාව සාදාගත යුතුයි.

No comments