• Breaking News

    ක්‍රිකට් තේරීම් කමිටු කාලය දීර්ඝ කරයි

    ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතියත් ඇතිවයි. මේ අනුව ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. මේ අනුව සභාපති ලෙස සනත් ජයසුරිය මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයන් වන්නේ රොමේෂ් කලුවිතරන , රංජිත් මදුරසිංහ , එරික් උපෂාන්ත සහ අසංක ගුරුසිංහ යන මහත්වරුනුයි. ඔවුන් පසුගිය කාලය පුරාම නවක ක්‍රීඩකයින්ට ජාතික සංචිතයේ අවස්ථාව ලබාදුන්නා. එම ක්‍රීඩකයිද දක්ෂතා දක්වා තේරීම් කමිටුවේ ජාමය බේරුවා.

    No comments