• Breaking News

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සොයා යලි අවාසනාව පැමිණෙයි

    කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණඩායම සමග පැවති  තරඟය කඩුලු 07 කින් ජයගැනීමට සත්කාරක එංගලන්තය සමත්වුණා. මෙම තරඟයේ කාසියේ විසිය දිනා ශ්‍රී ලංකාව පළමුව පිතිකරණයේ යෙදීමට තීරණය කළා. මේ අනුව ශ්‍රී ලංකා පිතිකාරියන්ට කඩුලු 08 ක් දැවි ලබාගත හැකිවූයේ ලකුණු 204 ක් පමණයි. වැඩිම ලකුණු ලාභිනිය වෙමින් හසිනි පෙරේරා ලකුණු 46 ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිතිකාරියන්ව මෙල්ල කිරීමට කිසිදු පන්දු යවන්නියකු සමත්වුනේ නැහැ. ටේලර් ලකුණු 74 ක් සහ කනයිට් ලකුණු 82 ක් ලබාගත්තා. මේ අනුව ඔවුන් කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 206 ක් ලබා තරඟයේ ජය වාර්ථා කළා. කංචනා කඩුලු 02 ක හිමිකරු වුණා. මේ අනුව තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කළ සියළුම තරඟ මේ වන තුරු පරාජය වී අවසන්. ශ්‍රී ලංකාවට මීලග තරඟය ඉන්දියාව සමග ලබන 05 වැනිදා පැවැත්වීමට නියමිතයි. දැනට තරඟාවලියේ ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාවයි. සියළු තරඟ පරාජය වූ රටවල් තුන අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පෙරමුණ හිමිව තිබෙනවා.

    No comments