Friday, March 14.
Name+New+04
  • Breaking News

    ඉන්දීය ක්‍රීඩකයන් අවසන් තරඟය පාවාදීලා ?

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කොලිට සහ තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිංට තරඟ පාවාදීමේ චෝදනා එල්ල වී තිබෙනවා. මෙම චෝදනාව කරන්නේ එරට මධ්‍යම රජයේ රාජ්‍ය අමාත්‍යවරයකුයි. සමාජ සාධරණ සහ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය රාමදාස් අතවාලේ මහතා පවසන්නේ තරගාවලිය පුරාම හොදින් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කොහොමද අවසන් මහා තරඟයෙදි දක්ෂතා නොදක්වන්නේ. පාකිස්ථානයට එරහිව පැවති තරඟයේදී විරාත් කෝලි සහ යුවරාජ් සිං වගේ අය ක්‍රීඩා කළේ හරියට පැරදෙන්න ක්‍රීඩා කරනවා වගේ. එයින් පෙනෙනවා තරඟ පාවාදීමක් වෙලා තිබෙනවා කියලා. අපි ඒ ගැන පරීක්ෂණයක් ඉල්ලනවා යනුවෙනුයි.  ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී විචාරක මත බිද දමමින් ඉන්දියාව පරාජය කර ජයග්‍රහණය වාර්ථා කිරීමට පාකිස්ථානය සමත්වුණා. කෙසේ වෙතත් අවසන් තරඟයෙන් පසු විචාරකයින් පැවසුවේද ඉන්දීය පිතිකරුවන් අසාර්ථක විම මෙම පරාජයට හේතු වූ බවයි. පරාජයේ වේදනාව දරාගත නොහැකිව ඇතැම් ඉන්දීය ප්‍රේක්ෂයන් රූපවාහිනී පොලේ ගසමින් හැසිරුණ බවත් නොරහසක් නොවේ. පාවාදීමක් සිදුව ඇති බව තහවුරු වුවහොත් මෙම ක්‍රීඩකයක් දෙදෙනාට එරට සිටීමට බැරිවේවි.
    1498919005-1472

    No comments