පාසල් ක්‍රිකට් තේරීම් කමිටුව නිරුවතින්
කිසිදු සම්මුඛ පරීක්‍ෂණයක් නොපවත්වමින් ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලියකටවත් සහභාගි නොවූ නිලධාරීන් සිවු දෙනකු පළාත් පාසල් ක්‍රිකට් තේරීම් කමිටුවට පත්කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් බලධාරීන් බොහෝ දෙනකු බලවත් කනස්සල්ලට පත්ව ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලියකට සහභාගි නොවූ අයකු මෙන්ම ක්‍රිකට් පුහුණු සහතිකය නොමැති අයකු පාසල් ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ලෙස නම් කළ නොහැකි වුවත් එම ව්‍යවස්ථාව කුණු කූඩයට දමමින් මෙම සුදුසුකම් දෙකම සපුරා නොමැති සිවු දෙනකුට ලබා දුන් මෙම පත්වීම පිටුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානියකු හා ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ හිටපු ප්‍රධානතම නිලතලය දැරූ පුද්ගලයා මෙන්ම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ මේ වනවිට ඉහළ නිලතලයක වැඩ බලන පුද්ගලයකුද සිටින බව පැවසෙනවා. කෙසේ වෙතත් පත්වීම් ලද නිලධාරීන් සිවු දෙනාගෙන් උතුරු මැද හා මධ්‍යම පළාත් නියෝජනය කරමින් ඉදිරිපත් වන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් විශාල විවේචනයක් මතු නොවන නමුත් දකුණු පළාතෙන් පත්වීම් ලබාදී තිබෙන අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක ක්‍රිකට් ගුරුවරයා මෙන්ම බස්නාහිර පළාතෙන් පත්වීම ලද පුද්ගලයා කිසිදු දිනක පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැති වීම මෙම ප්‍රශ්නය විශාල අර්බුදයක් දක්වා යෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව තිබෙනවා.
මෙම තෝරාගන්නා ලද පළාත් පාසල් ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන්ට පත්වීම් හා ගෙවීම් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වුවද මේ සඳහා නිලධාරීන් තෝරාගනු ලබන්නේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයෙන් බැවින් මෙම චෝදනාවේ වැඩි බර පාසල් ක්‍රිකට් සංගමය මත පැටවෙනවා. මේ ගැන ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශයට හා ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණිලි කිරීමට සූදානම්ව ඇති බවද දැනගන්නට ලැබෙනවා.
No comments