මංගල ශතක ද්ව්ත්වය ශ්‍රී ලංකාව ඔසවා තබයි
ශ්‍රී ලංකාව සංචාරක සිම්බාබ්වේ සමග පැවති තුන්වන තරඟයේදී කඩුලු 08 ක ජයක් වාර්ථා කිරීමට සමත්වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන්ට කිසිදු පන්දු යවන්නකු පීඩනයක් එල්ල කිරීමට සමත්වුනේ නැහැ. යලිත් සාර්ථක වෙමින් හැමිල්ටන් මසකට්සා ලකුණු 111 ක් ලබා ගනිද්දී මුසකන්ඩා ලකුණු 48 ක් සහ විලියම්ස් තවත් ලකුණු 43 ක් ඉනිමට එක්කළා. මේ අනුව කඩුලු 08 ක් දැවී ලකුණු 310 ක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදෙන්න ආරම්භක පිතිකරු යුගලය වූ ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල සමත්වුණා. දෙදෙනාම මංගල ශතක රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත කැදවාගෙන ගියා. ධනුෂ්ක ලකුණු 116 ක් සහ දික්වැල්ල ලකුණු 102 ක් ඉනිමට එක්කළා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් උප නායක උපුල් තරංග පන්දු 32කට හතරේ පහර 3 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 44 ක් ලබා ගත්තා. මේ අනුව කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 312 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව තරඟයේ ජය වාර්ථා කළා. තරඟයේ වීරයා සම්මානය හිමිවුණේද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දික්වැල්ලටයි. වසර දෙකකට පසුවයි හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර තරඟයක් පැවැත්වුණේ. වනය ක්‍රීඩාංගනයේ සිට මීටර් 400 කටත් වඩා අඩු දුරකින් තිබීම හේතුවෙන් වන සංරක්ෂක දෙපාර්තමේන්තුව හම්බන්තොට නිලධාරීන්ව සීරුවෙන් තබා තිබුණා.

No comments