ලොව පළමු වතාවට ක්‍රිකට් තරඟයකට වන සංරක්ෂණ නිලධාරීන්ව සූදානමින්
හම්බන්තොට ක්‍රීඩාංගණය අවට වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව සූදානමින් තැබීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. පසුගිය වසර දෙකේදීම මෙම ක්‍රීඩාංගනයේ තරඟ පැවැත්වුනේ නැහැ. ක්‍රීඩාංගනයේ සිට මීටර් 300 ක 400 ක දුරින් වන රක්ෂිතය ආරම්භ වනවා. වනයේ රුදුරු සර්පයින් බහුලව සිටින බවයි වන සංරක්ෂන නිලධාරීන් පවසන්නේ. ඒනිසා සර්පයින් සහ වන අලි ප්‍රේක්ෂකයන් වනු ඇතැයි බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ අතර එක්දින තරඟ 03 ක් මෙම ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පළමු එක්දින තරඟය ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ තරඟාවලියේ තුන්වන තරඟය ලෙසයි. ක්‍රීඩාංගණයට තරඟ නැරඹීමට පැමිනෙන ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කරන බවයි හම්බන්තොට ක්‍රීඩාංගන බලධාරීන් පවසන්නේ.
No comments