ශ්‍රී ලංකාවට දඩ - ආබාධත් යලි ලංකාව සොයා එයි
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව තිබෙනවා. සිම්බාබ්වේ සමඟ පැවති තුන්වන එක්දින තරඟයේදී නුවන් පන්දුවාර 06 ක් යොමුකළ අතර එක් කඩුල්ලක්ද දවා ගත්තා. කෙසේ වෙතත් මෙම ආබාධය ඔහුට තරඟාවලිය අහිමි කර තිබෙනවා. නුවන් වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට අසිත ප්‍රනාන්දුව කැදවීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බවයි වාර්ථා වන්නේ. ඔහු 19 හැවිරිදි ක්‍රීඩකයෙක් වන අතර මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කර නැහැ. ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ අසිත දකුණත් වේග පන්දු යවන්නකු වනවා.
ශ්‍රී ලංකාව සංචාරක සිම්බාබ්වේ සමග අද පැවති තරඟයේදී නියමිත වේලාවට නියමිත පන්දුවාර 50 යොමුකර නැහැ. මේ හේතුවෙන් නායක මැතිව්ස්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 20 ක් සහ සෙසු ක්‍රීඩකයින්ගේ ගාස්තුවලින් සියයට 10 ක් කපා දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ පිලිබද පැවති මූලික පරීක්ෂණයකදී මැතිව්ස් වරඳ පිලිගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

No comments