සුසන්තිකාගේ උපදේශකත්වයෙන් අලුත් සංගමයක්
ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් ලෙසින් අද (15) සංවිධානයක් පිහිටුවනු ලැබුවා. එම සංවිධානයට ඇතුළත්ව සිටින්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා සහභාගිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවනුයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 1948 වසරට පසුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96ක් ඔලිම්පික් තරග සඳහා සහභාගිවූ අතර ඉන් ජීවතුන් අතර මේවනවිට සිටින්නේ 68 දෙනෙකු පමණයි. ඒ අතරින්ද 18 දෙනෙකු මේවනවිටත් සිටින්නේ විදෙස්ගතවයි. ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් ලෙස අද පිහිටුවාගත් සංවිධානයේ උපදේශකවරිය ලෙස සුසන්තිකා ජයසිංහ පත්කර තිබෙනවා. ශ්‍රියානි කුලවංශ සභාපතිනිය ලෙසද දමයන්ති දර්ශා ලේකම් ලෙසද අනුරුද්ධ රත්නායක භාණ්ඩාගාරික ලෙසද සුගත් තිලකරත්න උප සභාපති ලෙසද මෙහිදී පත් කෙරුණා. ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා සහභාගිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා එළඹෙන 24 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ශ්‍රවනාගාරයේදීයි මෙම සංගමය පිහිටවනු ලැබුවේ.
No comments