ඇමති ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කළමණාකරුවන්ව සොයයි
ක්‍රිකට් ක්‍රීඩකයන් තේරීමේදී තේරීම් කමිටුවට බලපෑම් එල්ලවන බව වාර්ථා වනවා. මෙලෙස බලපෑම් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කළමණාකරුවකු ලෙස සේවය කරන විදෙස් කළමණාකරුවෙක් බව සදහන්. ඔහු මේ වන විට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයිකන් 10 දෙනෙකුට වඩා වැඩි පිරිසකගේ කළමණාකරු ලෙස කටයුතු කරන්නෙක්. ක්‍රීඩකයින් තරගාවලියෙන් හිමිවන මුදලින් සියයට 10 ක මුදලක් මෙම කළමණාකරු ලෙස කටයුතු කරන විදේශිකයාට ලබාදෙනවා. මේ හේතුවෙන් ඔහු තමන් කළමණාකරු ලෙස කටයුතු කරන ක්‍රීඩකයින්ව සංචිතයට ඇතුල් කිරීමට තේරීම් කමිටුවට බලපෑම් කරන බවයි වාර්ථා වන්නේ. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී ඇත්තේ ක්‍රීඩකයින්ගේ කළමණාකරුවන්ගේ දැයිස්තුවක් ලබාදෙන ලෙසයි. පසුව ඊට අවශ්‍ය පියවර ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ඇති.
No comments