• Breaking News

    සිම්බාබ්වේ ජය කනුවට - හසරංග මුරලිගේ අවතාරයද ?

    ශ්‍රී ලංකාවට එරහිව බොහෝ දෙනෙකු නොසිතූ ජයක් ලබා ගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට දික්වැල්ල සහ ගුණතිලක සමත්වුණා. දික්වැල්ල හතරේ පහර 08 ක් සමගින් ලකුණු 116 ක් ලබා ගනිද්දී ගුණතිලක ලකුණු 87 ක් ලබා ගත්තේ හතරේ පහර 07 ක් සමගයි. නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 42 ක් ලබා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකාව කඩුලු 06 ක් දැවී ලකුණු 300 ක් ලබා ගත්තා.
    නවක ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සිම්බාබ්වේ කණ්ඩායමේ පිලිතුරු ඉනිමේදී පන්දු යැව්වා. අසිත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙයයි. ඔහුව ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇතැයි සියල්ලන්ටම පෙර ඔබට කිව්වේ අප බව මතක ඇති. කෙසේ වෙතත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට  සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් දිගට හරහට බැට දුන්නා. යලිත් සාර්ථක වෙමින් හසරංග කඩුලු 03 ක් දවා ගනිමින් අනගි පන්දු යැවීමක නිරත වුණා. කෙසේ වෙතත් වැස්සෙන් තරඟයට විටික් විට බාධා එල්ල වුණා. මේ අනුව කඩුලු 06 ක් දැවී සිම්බාබ්වේ ලකුණු 219 ක් ලබා ගත්තා. ඒ පන්දුවාර 29 යි පන්දු 02 කදීයි. කණ්ඩායම ජයග්‍රහණය කරා කැදවාගෙන ගිය අර්විනේ නොදැවී ලකුණු 69 ක් ලබා ගත්තා. ඩත්වත් සහ ලුවිස් ස්‍යායට අනුව ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුනේ තරඟාවලිය තරඟ 2 ට 2 ක් ලෙස සම තත්වයට පත්කරමිනුයි. තරගාවලියේ අවසන් තරඟය ලබන 10 වැනිදා හම්බන්තොටදීම පැවැත්වීමට නියමිතයි.
     මෙම තරඟයේදීද හසරංග අනගි පන්දු යැවීමක නිරත වීම හේතුවෙන් විචාරකයන් ඔහුව හැදින්වූයේ මුරලිගේ අඩිපාරේ යන්නෙක් බවයි. මුරලිට සමාන දඟ පන්දු යවන්නකු මෙතෙක් බිහි නොවීමේ අඩුව තවමත් 19 හැවිරිදි වියේ පසුවන හසරංගට පිරවීමේ හැකියාව ඇති බව ඔහු පසුගිය තරඟයේදී මෙන්ම මෙම තරඟයේදීත් පෙන්වා අවසන්.

    No comments