ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු තනතුර පිටපාරෙන් හොරෙන් ගිහිං
සිල්ලන්ගේම ඇස්වලට වැලි ගසා ජාතික බැඩ්මින්ටන් පුහුණුකරුවකු හොර රහසේම පත්කර තිබෙනවා. මෙවැනි ජාතික මට්ටමේ තනතුරකට තෝරා ගන්නා විට අයදුම්පත් කැදවිය යුතුයි. අනතුරුව සම්මුඛ පරීක්ෂණයකින් සුදුස්සකු තෝරා ගත යුතු වනවා. එහෙත් එවැනි කිසිදු කටයුත්තක් සිදු නොකර මෙම පත්වීම සිදුකර ඇත්තේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරල්වරයායි. අති විශේෂ ගැසට් පත්‍රයකින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය අප්‍රේල් 20 වැනිදා බැඩ්මින්ටන් සංගමයේ නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරල්වරයාව පත්කළේ සංගමයේ නිලවරණය අවලංගු කරමිනුයි. එතැන් සිට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරල්වරයාට වැරදි උපදෙස් ලබාදීමට පිරිසක් පියවර ගත්තා. ඒ අනුවයි මෙම පත්කිරීමත් සිදුව ඇත්තේ. ජාතික පුහුණුකරුව පත්කිරීමේදී ඔහුගේ යටගියාව සලකා බැලිය යුතුයි. පත් කර ඇති පුහුණුකරු කිසිදු ජාතිකමට්ටමේ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් බිහිකර නැහැ. එමෙන්ම ඔහු වැස්සකට හෝ ජාතික තරඟයක් නැරඹීමට පැමිණ නැහැ. එමෙන්ම ඔහු කිසිදු ජාත්‍යන්තර හෝ ජාතික මට්ටමේ ඉහළ දක්ෂතාවක් දක්වා නැහැ. එමෙන්ම ඔහු ඉහළ ජාත්‍යන්තර බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ පාඨමාලාවක් හදාරාද නැති බවයි තතු දත් අය පවසන්නේ. ඔහුට වඩා දක්ෂ කීර්තිමත් බැඩ්මින්ටන් පුහුණුකරුවන් ඕනෑ තරම් සිටිනවා. එමෙන්ම ජාතික පුහුණුකරු පෞද්ගලික උපකාරක බැඩ්මින්ටන් පංති නොපැවැත්විය යුතුයි. එහෙත් පත්කර ඇති තැනැත්තා පෞද්ගලික උපකාර බැඩ්මින්ටන් පංති පවත්වත්වන්නෙක්. උපකාර පංති පැවැත්වීම නිසා ඔහුගෙන් ස්වාධීනත්වයක් බලාපොරොත්තු විය නොහැකියි. ක්‍රීඩා අංමාත්‍යංශය මෙලෙස ලෝකයාට විහිලු සැපයීම කාගේත් කනස්සල්ලට හේතුවී ඇති බව අමුතුවෙන් කිව යුතු නෑ. මෙවැනි ජාතික පත්කිරීමක් සිදු කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයයි. එහෙත් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ බැඩ්මින්ටන් සංගමයයි. ඔවුන්ට මෙවැනි පත්කිරීමක් සිදු කිරීමට බලයක් නැහැ.
No comments