මැතිව්ස් දෙගිඩියාවක
මීළඟ ලෝක කුසලාන තරගාවලියට තමන් නායකයා ලෙස එක් වෙයිද යන්න නොදන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. එමෙන්ම ශ්‍රී ලංකාව පන්දු යැවීමේ අංශයෙන් විශාල ගැටලුවකට මුහුණ දී ඇතැයිද ඔහු කියා සිටියා. සූරියවැවදී සිම්බාබ්වේ සමඟ ඊයේ (08ද) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
"අවසන් තරගයට යද්දී නායකයෙක් ලෙස මට ලොකු පීඩනයක් තිබෙනවා. හොඳට පිතිකරණයේ යෙදිලා තරග ජයග්‍රහණය කරන්න පුළුවන් කම තිබියදීත් පන්දු යවන්නෝ හොඳට පන්දු යැව්වේ නෑ. මේ තරගයේදීත් පළමු තරගයේදීත්.ලකුණු 300ක් ගහලා පරිදිනවානම් ලොකු අඩුපාඩුවක් තිබෙනවා.2019 ලෝක කුසලානයට මම නායකයා වෙයිද නැද්ද දන්නේ නෑ. පන්දු යැවීමේ අංශයෙන් ලොකු ගැටලුවක අපි ඉන්නවා. මේකට ඉක්මනින්ම විසඳුමක් හොයාගන්න වෙනවා."

No comments