ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් මොනවද මේ කරන්නේ
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟය ලකුණු 16 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය නායිකාව තීරණය කළා. මේ අනුව කඩුලු 08 ක් දැවී ඉන්දීය ක්‍රීඩිකාවන් ලකුණු 232 ක් ලබා ගැනීමට සමත්වුණා. දීප්ති ශර්මා ලකුණු 78 යි. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් මිතාලි රාජ් ලකුණු 53 ක් ඉනිමට එක්කළා. ශ්‍රීපාලි වීරක්කොඩි කඩුලු 03 ක් දවා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකාරියන්ට ඉන්දීය පන්දු යවන්නියන් රිසි සේ ලකුණු රැස් කිරීමට ඉඩ ලබාදුන්නේ නැහැ. ඩිලානි සුරන්ගිකා පමණක් හුදකලා සටනක නිරතවෙමින් ලකුණු 61 ක් ලබා ගත්තා. මේ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් පමණක් දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 216 ක් පමණයි. මෙම පරාජයත් සමඟ තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කළ සියලු තරඟ මේ වන විට පරාජය වී අවසන්. ශ්‍රී ලංකාවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මූලික වටයේ මීලඟ තරඟය ලබන 09 වැනිදායි පැවැත්වෙන්නේ.

No comments