ලසිත් මාලිංගට නායකත්වය
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංගට එක්දින තරග දෙකක තහනමක් මේ වන විට පනවා තිබෙනවා. ඒ සංචාරක ඉන්දියාව සමග පැවති දෙවන තරගයේදී නියමිත කාලයේ නියමිත පන්දුවාර ප්‍රමාණය නොයැවීමේ වරදටයි. මේ අනුව දෙරට අතර පැවති තුන්වන තරගයේදී නායකයා ලෙස කටයුතු කළේ නිත්‍ය නායක චාමර කපුගෙදරයි. මෙම තරගයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දු යැවීමටයි කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී ඇත්තේ. එහෙත් කාසියේ වාසිය දිනා කපුගෙදර පළමුව පන්දුවට පහර දෙන බව ප්‍රකාශ කළා. මේ පිලිබද සියල්ලන් විමතියට පත්වුනේ තණ තීරුව දෙවන වර පිතිකරණයේ යෙදෙන කණ්ඩායමට වාසිදායක බව දැන දැනත් මෙවැන්නක් පැවසීම පිලිබදවයි. මේ පිලිබද විමසූ විට ඔහු පවසා ඇත්තේ තමන්ට වරදක් සිදු වූ බවයි. ඊට වන්දි ගෙව්වේ මුළු මහත් ශ්‍රී ලංකාවමයි. කෙසේ වෙතත් ඔහුගේ පසුපසු වේදනාවක් ඇති බව දැනුම් දී තිබෙනවා. ඔහුට මීලග තරගය ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වනවා. එහෙත් ආබාධය පිට දමා තරගයෙන් විවේක ගැන්වීමටයි තීරණය වී ඇත්තේ. මේ අනුව තරගයේ නායකත්වය ලසිත් මාලිංගට ලබාදීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර පුහුණුවීම් අද රාත්‍රියේ කෙත්තාරාමයේදී පැවැත්වුණා. ඊටද මාලිංග එක්ව සිටියා. 2014 වසරේදී පන්දුවාර 20 යි 20 තරගයේ නායකයා ලෙස කටයුතු කරමින් ලසිත් මාලිංග ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන්නා.
No comments