• Breaking News

    නායක උපුල් තරංගගේ ඉල්ලීම

    ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් නායක උපුල් තරංග පැවසූ බව කියමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
    “සැම කණ්ඩායමක්ම නොයෙක් වූ පසුබෑම් වලට මුහුණ දෙනවා. එය ලෝකනේ සැම
    කණ්ඩායමකටම අදාල වන න්‍යායක්. කොතරම් දක්ෂ කණ්ඩායමක් වුවත් එවැනි පසුබෑම්
    වලට විටින් විට මුහුණ දීමට සිදුනවා. වසර 18 කට අධික කාලයක් ශ්‍රී ලාකා කණ්ඩායම
    ක්‍රිකට් අධිරාජ්‍ය තුල සිය බලපරාක්‍රමය ටෙස්ට් , එක්දින සහ 20/20 යන සියලු අංශ වලින්
    දරාගෙන සිටියා. අප කණ්ඩායම දැන් මුහුණ දෙන අමිහිරි තත්වය හමුනේ එය අමතක
    කරන්න එපා”
    “උපායමාර්ගික හේතු මත ඇමැම් කරුණු අපට විවෘතව කථා කල නොහැකියි, නමුත් නිසැක
    වශයෙන්ම තිරය පිටුපස ප්‍රතිපල දකිනවා. කෙසේ වුවත් ධනාත්මක බලපෑම මතුපිටින්
    පෙනීමට තව යම් කාලක් ගත වේවි. ඉතින් මම කියා සිටින්නේ, මදක් ඉවසා සිටින්න,
    වැදගත්ම කරුණු වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න”
    “ක්‍රීඩකයින්ගේ චිත්ත ධෛර්ය නගා සිටුමටමට ශ්‍රී ලංකික පේක්ෂකයින්ගෙන් ලැබෙන
    සහයෝගය ඉතාමත්ම වැදගත් වනවා. අප ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන්. අපගේ එකම අරමුණ මිලියන විස්සකට අධික ශ්‍රී ලංකිකයින් හට ආඩම්බරය රැගෙන ඒමයි. යලිත් සිංහයින් සේ නැගී සිටින්නට අපට ශක්තියක් වෙන්න.
    මේ අතර ලබන 20 වැනිදා සිට සංචාරක ඉන්දියාව සමග ආරම්භ වන එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
    1. Upul Tharanga (Captain)
    2. Angelo Mathews
    3. Niroshan Dickwella
    4. Dhanushka Gunatillake
    5. Kusal Mendis
    6. Chamara Kapugedera
    7. Milinda Siriwardena
    8. Malinda Pushpakumara
    9. Akila Dhananjaya
    10. Lakshan Sandakan
    11. Thisara Perera
    12. Wanindu Hasaranga
    13. Lasith Malinga
    14. Dushmantha Chameera
    15. Vishva Fernando

    No comments