අනූෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් එක්ක අශෝභන ලෙස හැසිරිලා
අනූෂ සමරනායක මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයට යලි බදවා නොගැනීමට හේතුව ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අද හෙලි කළා. ඔහු ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙසයි ඔහු කටයුතු කළේ. 2016 වසරේදී අනූෂ සමරනායක මහතාට තරග පාවාදීමට සම්බන්ද බවට චෝදනා එල්ල වුණා. මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම චෝදනාවෙන් අනූෂව නිදහස් කර තිබෙනවා. මේ වාර්ථාව පදනම් කරගෙන ඔහුව නැවත ක්‍රිකට් ආයතනයට බදවා ගත හැකිදැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විමසා ඇති බවයි පැවසෙන්නේ. මේ පිලිබද විමසූ අවස්ථාවේ තිලංග සුමතිපාල මහතා පැවසුවේ අනූෂව බදවානොගන්නේ හැසිරීම පිලිබද ගැටළුවක් නිසා බවයි. ක්‍රීඩිකාවක් සමග අශෝභන ලෙස හැසිරෙන ඡායාරූප තමන් සතු බවත් කියා සිටියා. විනය පවත්වාගෙන යා යුතු නිසා අනූෂව යලි සේවයට බදවා නොගත් බවත් ඔහු කියා සිටියා. පුහුණුවීම් වලට ක්‍රීඩිකාවන් සහභාගී කරවන විට දෙමාපියන්ට බයකින් තොරව කටයුතු කරගෙන යා හැකි විය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ.
No comments