ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පෑදුනු චාන්ස් එක
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමට දෙදහස් දහ නවය ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමට හැකි
අවස්ථාවක් ලැබී තිබෙනවා. සංචාරක ඉන්දීය ක්‍රිකට්
කණ්ඩායම සමග හෙට පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයට රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්
ක්‍රීඩා පිටියේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ විදුලි ආලෝකය යටතේ පුහුණුවීම්
වල නිරත වුනා. එම පුහුණුවීම් නිරීක්ෂණයට තේරීම් කම්ටු නිලධාරීන් සහ පුහුණුකරුවන්ද
සහභාගීව සිටියා. කෙසේ වෙතත් ඊයේ දිනයේ කඩින් කඩ වැසි ඇද වැටුනා. එහෙත් මේ වන විට
ක්‍රීඩාංගනය අවට පැහැබර අහසකුයි දක්නට ලැබෙන්නේ. සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම
සමග පැවැත්වීමට නියමිත එක්දින තරග පහෙන් තරග දෙකක් ජයගතහොත් ශ්‍රී ලංකාවට එලබෙන ක්‍රිකට්
ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමට හැකිවනවා. එහෙත් කිසිදු තරගයක් ජය ගැනීමට ශ්‍රී
ලංකාවට නොහැකිවුවහොත් දෙදහස් දහ නවය ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියකට එක්වීමටයි සිදුවන්නේ. මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ
එක්දින ශ්‍රේණිගත කිරීම්වල අටවන ස්ථානයේයි. ඉන්දියාව එහි තුන්වන තැන සිටිනවා.
No comments