ජාත්‍යන්තර බාස්කට් බෝල් තරගාවලියක් ලංකාවේ
FIBA 3X3 Basketball Nations League 2017 තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී අද ආරම්භ වුණා. අද සිට 20 දක්වා මෙම තරඟාවලිය රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ බාස්කට් බෝල් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. චෙච් ජනරජය, නෙදර්ලන්තය,හංගේරියාව, ස්ලොවේනියාව, ජෝර්දානය, උගන්ඩාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම් මෙම 3X3 Nations League සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වනවා.
විස්සයි විස්ස ක්‍රිකට් තරඟයකට සමාන තරඟ සැලසුමකින් ක්‍රියාත්මක වන 3X3 බාස්කට් බෝල් තරඟාවලිය මේ වනවිට ලොව පුරා බාස්කට් බෝල් ලෝලීන් අතර ජනප්‍රිය තරඟයක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම තරඟ ආකෘතිය තුළ විශේෂ වන්නේ වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වන බ්‍රෙන්ට් තෙවකුමාර් ලෝක ශ්‍රේණිගත කිරීම් අතර 11 වන ස්ථානය හිමිකරගෙන සිටීමයි. ලෝක ශ්‍රේණිගත කිරීම් වල 51 වන ස්ථානය ශ්‍රී ලංකාව හිමිකරගෙ සිටින අතර කලාපීය ශ්‍රේණිගත කිරීම් අතර 10 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිකරගෙන සිටින්නේ. 23 න් පහළ පිරිමි කණ්ඩායම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල 44 වන ස්ථානය හිමිකරගෙන සිටින අතර 23න් පහළ කාන්තා කණ්ඩායමට හිමිව ඇත්තේ 37 වන ස්ථානයයි.
මෙම තරඟාවලියට අමතරව ශ්‍රී ලංකා බාස්කට් බෝල් සම්මේලනය (SLBF)විසින් 3X3 ආරාධිත බාස්කට් බෝල් තරඟාවලියක් සංවිධානය කරන අතර වයස අවුරුදු 17 න් පහල දරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද පවත්වනුවා. මෙම වැඩමුළුවෙහි අරමුණ වන්නේ 3X3 බාස්කට් බෝල් තරඟ මෙරට පාසැල් සිසුන් අතර ප්‍රචලිත කරවීමයි. මෙම වැඩමුළුව සඳහා ජාත්‍යන්තර බාස්කට් බෝල් සම්මේලනය (FIBA) දායකත්වය සපයනවා.
No comments