• Breaking News

    ක්‍රීඩා ඇමතිටත් තිලංගටත් විශ්වාසභංග එයි ?

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට එරහිව ඉදිරියේදී විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැකි බව වාර්ථා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් මේ තත්වයට හේතු වන බව සදහන්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන එක්දින තරගාවලියේ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ පිලිබද තීරණයක් ගනු ඇති. ක්‍රිකට් කණ්ඩායම ලබන අනපේක්ෂිත පරාජයන් වලට පරිපාලනය වග කිව යුතු බවයි මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත්තේ. තරගාවලිය නිමාවන විට බොහෝ දෙනෙකුට ඉල්ලා අස්වීමටත් සිදුවිය හැකි බවයි වාර්ථා වන්නේ. එසේ නොවුනහොත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ක්‍රිකට් ආයතනය පිලිබද තීරණයක් ගනු ඇති.


    No comments