මාලිංගගේ දක්ෂතා අඩුවෙලා - නායක උපුල් තරංග
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ දක්ෂතා අඩුවී ඇතැයි එක්දින ක්‍රිකට් නායක උපුල් තරංග පවසනවා. ඉන්දියාව සමග පැවති පළමු එක්දින තරගයේදී මාලිංගට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකිවුනේ නැහැ. පසුගිය වසර තුන සමග සැසදු විට දක්ෂතා වල අඩුවීම පැහැදිලිව පෙනී යන බවයි නායකයා කියා සිටියේ. ඊට පසුගිය මාස 18 පුරා කිසිදු එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකිවීමත් බලපාන්නට ඇති බවයි ඔහු කියා සිටියේ. එක්දින කඩුලු 300 සම්පූර්ණ කිරීමට මාලිංග දවා ගත යුත්තේ තවත් කඩුලු දෙකක් පමණයි.
No comments