• Breaking News

    බිල්ලට යන්න ක්‍රිකට් ක්‍රීඩකයින් බෑ කියයි

    පාකිස්ථානයේ ක්‍රිකට් තරග සංචාරයක නිරතවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කරන බව වාර්ථා වනවා. පසුගියදා ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී පාකිස්ථානයේ ක්‍රිකට් තරගාවලියකට එක්වන ලෙසයි ශ්‍රී ලංකාවට ආරාධනා කළේ. එහිදී ලාහෝරයේ පන්දුවාර 20 යි 20 තරග 03 කට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා කැමැත්ත පළ කළා. තරගාවලියට පූර්ණ  ආරක්ෂාව සැපයීමටත් පාකිස්ථානය මෙහිදී පොරොන්දු වුණා. 2009 වසරේදී ලාහෝර් හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල වී ක්‍රීඩකයින් තුවාල ලැබුවා. එතැන් සිට කිසිදු ක්‍රිකට් කණ්ඩායමක් එරට සංචාරය කර නැහැ. කෙසේ වෙතත් මෙවර එකගවීමට පෙර ආරක්ෂාව ගැන සොයා බැලිය යුතුව තිබූ බවයි මෙරට ජේෂඨ ක්‍රිකට් ක්‍රීඩකයකු පැවසුවේ. එසේ නොමැතින සංචාරයකට කැමැත්ත පළ කිරීම ක්‍රීඩකයින්ව බිල්ලට දීමක් බවයි ඔහු කියා සිටියේ. ලබන මස 08 වැනිදා සිටයි තරගාවලිය ආරම්භවීමට නියමිතව ඇත්තේ.


    No comments