ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්
සංචාරක ඉන්දීය ක්‍රිකට්
කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්වන එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්
පුහුණුවීම් සැසියට අද සහභාගී වුණා. මෙම එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්
කම් කිහිපයක් සිදුවනු ඇතැයි මහනුවරින් ලැබෙන වාර්ථා පවසනවා. පිතකරණ අංශය ශක්තිමත්
කිරීමට නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න කණ්ඩායමට එක්වනු
ඇති. එමෙන්ම තවත් දගපන්දු යවන්නකුද කණ්ඩායමට එක්වීමට නියමිත බවයි ක්‍රිකට් තොරතුරු
අනාවරණ කරන්නේ. මෙම තරගයට සකස්කරන තණතීරුව පිතිකරුවන්ට වැඩි වාසිදායක වනු ඇතැයි
සදහන්. කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුනහොත් තරගය ජය ගැනීම පහසුවනු
ඇති. ඒ දෙවන වර පිතිකරණයේ යෙදෙන කණ්ඩායමට තණතීරුවෙන් වැඩි වාසියක් හිමිවනු ඇතැයි
බලාපොරොත්තු වීම හේතුවෙනුයි. මෙම තරගය හෙට පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි
පැවැත්වීමට නියමිතව ඇත්තේ.
No comments