Sunday, March 16.

  • Breaking News

    ලෝක හොරාගේ සංගමයේ පළමුතැන ලංකාවට

    ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් ක්‍රීඩකයා තාවකාලික තහනමක් පනවා තිබියදී පවා ආසියානු කායවර්ධන තරගයකට සහභාගී වී තිබෙනවා. ඒ ජාතික කායවර්ධන සංගමයෙන් කිසිදු අවසරයක් නැතුවයි. ඔහු එක්ව ඇත්තේ ජාත්‍යන්තර කායවර්ධන සංගමය වසර 4 ක තහනමක් පැනවූ පුද්ගලයකු සංවිධාන කළ තරගයකටයි. මෙම තරගය සංවිධානය කළ සංගමය ජාත්‍යන්තර කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ලියාපදිංචියක්ද ලබා නැහැ. ජාත්‍යන්තර සංගමයේ සභාපතිවරයකු ලෙසද කටයුතු කළ මෙම පුද්ගලයා මුදල් වංචා කිරීම හේතුවෙන් සිංගප්පූරුෙවේ සිරගත ගතව ද සිටියා. මෙරට ක්‍රීඩක පුෂ්පරාජ්ට ජාතික සංගමය තහනමක් පැනවූයේ තමන් තහනම් උත්තේජක ලබා ගන්නා බවට සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් හේතුවෙනුයි. ඔනෑම ක්‍රීඩාවක ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක ලබා ගැනීම නීති විරෝධී වනවා.  කෙසේ වෙතත් කොරියාවේ පැවති මෙම ආසියානු තරගයේදී පුෂ්පරාජ් රන් පදක්කමක් දිනාගෙන තිබෙනවා. මෙම ජයග්‍රහනයත් සමග එම ක්‍රීඩකයාගේ තාවකාලික තහනම නිත්‍ය තහනමක් වනු ඇති. එසේ නොකරන්නේ නම් එය නරක පූර්වාදර්ශයක් වනු ඇතැයි ප්‍රවීනයින් පවසනවා. 



    No comments