පරාජයන්ගේ වගකීම ගෙන තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි
සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජය වීම හේතුවෙනුයි. නිමාවූ සිම්බාබ්වේ තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් දක්ෂතා දැක්වීමට හැකිවුනේ නැහැ. මේ පිලිබද සලකා බලයි තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ. මෙය ක්‍රියාත්මකවීමට නියමිතව ඇත්තේ ලබන මස 07 වැනිදා සිටයි. ඒ ඉන්දීය සංචාරය නිමාවීමෙන් පසුවයි. ජයසූරිය සමග රංජිත් මදුරසිංහ / රොමේෂ් කලුවිතාරණ / එරික් උපෂාන්ත සහ අසංක ගුරුසිංහ තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති පිරිස වනවා. කෙසේ වෙතත් කණ්ඩායම් කළමණාකරු ලෙසත් කටයුතු කරන ගුරුසිංහ මහතා ඉන් ඉවත් නොවනු ඇතැයි සදහන්.
No comments