• Breaking News

    තිලංග බොරදියේ මාලු බායි

    ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය පළමු පෙළ ක්‍රීඩා සමාජ 14 කට භාන්ඩ බෙදා දුන්නා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි එය සිදු කෙරුණා. මෙම භාන්ඩ වල වටිනාකම රුපියල් මිලියන 05 කට ආසන්නයි.ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතායි මෙම ක්‍රීඩා භාන්ඩ ලබා දුන්නේ. තණතීරු සැකසීම සහ තණකොළ කැපීමට භාවිතා කරන උපකරණ සහ ගල් රෝල් ඊට ඇතුලත්. ක්‍රිකට් නිලවරණය ඉලක්ක කර මෙම භාන්ඩ බෙදා දුන් බවයි වාර්ථා වන්නේ. කෙසේ වෙතත් මෙමගින් ක්‍රීඩා සමාජවලට සහ ක්‍රීඩකයින්ට වාසියක් හිමිවනවා. නිලවරණය ඉලක්ක කර ප්‍රධානීන්ට මුදල් සහ වරප්‍රසාධ ලබාදීමට වඩා මෙය කාලෝචිත බවයි ක්‍රිකට් පුහුණුකරුවන් පෙන්වා දෙන්නේ.





    No comments