• Breaking News

    තේරීම් කම්ටු සභාපති කුමාර් සංගක්කාර ?

    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කම්ටු සභාපති ලෙස වැඩ භාරගැනීමට සුදානම් දැයි කුමාර් සංගක්කාරගෙන් විමසා ඇතැයි වාර්ථා වනවා. එයට ඔහුගේ අකමැත්තක් නැති බවත් සදහන්. හිටපු ක්‍රිකට් නායකයකු වන සංගා බාර ගැනීමට යන්නේ හිසු වූ භාන්ඩාගාරයක්. එය පිරවීමයි ඔහුගේ රාජකාරිය වන්නේ. කෙසේ වෙතත් මේ පිලිබද අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.
    මේ අතර ඉල්ලා අස්වූ ජයන්ත ධර්මදාස මහතා වෙනුවට උප සභාපතිවරයකු ලෙස හිටපු නායක අරවින්ද ද සිල්වා මහතාව පත් කිරීමටත් යෝජනා වී ඇතැයි සදහන්. එය ඉන්දීය සංචාරයෙන් පසු සිදුවනු ඇතැයි සදහන්. කෙසේ වෙතත් තේරීම් කමිටු සභාපති තනතුර ඔහුට ලබා දිය යුතු බවටත් යෝජනා වී තිබෙනවා. එහෙත් මෙම තනතුරු දෙකම අරවින්දට භාර ගත නොහැකි බවයි මතය වී ඇත්තේ. ඒ තනතුරු දෙකේම වගකීම වැඩි නිසයි. ක්‍රීඩා අමාත්‍යවරයා සමගද මේ පිලිබද සාකච්ජා කර තීරණයක් ගනු ඇති.

    No comments